Tuesday, September 16, 2025
Follow Us
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල් පුටුව වෙනස් වෙයි

නව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරි පත්වීම භාර ගනී


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ලෙස රේණුකා එම් වීරකෝන් මහත්මිය පත් කර තිබේ.

ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත අදාළ පත්වීම් ලිපිය ලබා දිම (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු රාජා එදිරිසූරිය,අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරුන් එක් විය.

වීරකෝන් මහත්මිය වසර 27 කට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලයේ සේවය කර ඇති අතර, ප්‍රධාන දෙපාර්තමේන්තු ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් සිය සේවය ප්‍රශංසණිය ලෙස ආයතනය වෙත ලබා දි තිබේ.

(Aruna)