Monday, February 09, 2026
Follow Us
මහ බැංකු අධිපතිගේ වාහන ආනයනය කිරීමේ යෝජනාවට සිදුවූ දේ

වාහන ආනයනකරුවන්ගෙන් යහපත් ප්‍රතිචාර


මෙරට වාහන ආනයනය කිරීම සදහා විදේශන්හිදීම ඩොලර් ගෙවා, ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීම් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර දැනට මාස තුනක කාලයක් ද ඉක්මවා ගොස් ඇත.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රමයට වාහන ගෙන්වීම තුළින් රට තුළ මතුව ඇති වාහන ආනයනය අර්බුදයට සහ ඩොලර් ප්‍රශ්නයට ද එකවර විසඳුම් සෙවිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් මෙරට වාහන ආනයනකරුවන්ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටින බවද දැනුම් දී තිබිණි.

(Aruna)