Tuesday, July 01, 2025
Follow Us
රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමට සැරසෙයි

ඉදිරියේදී විදේශ සංචිත වර්ධනය වන විට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සලකා බැලීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 ක් දක්වා අඩු වු බවයි.

එය අමෙරිකානු ඩොලර් බිලියන 3 යි දශම 1 ක දළ නිල සංචිතවලින් සියයට 5 යි දශම 6 ක්. විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස, පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබද සිය තීරණ වරින් වර වෙනස් විය හැකි බවයි මහ බැංකුව පවසන්නේ.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හෙට මාධ්‍ය හමුවේ අදහස් පළ කිරීමට නියමිතයි.

(Neth)