Tuesday, February 10, 2026
Follow Us
ආනයන සීමා ගැන මහ බැංකුව කරන්න යන දේ

මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමක්


විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තින්දුවක් ලබා ගත යුතුව ඇති බව මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.

ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ දක්වා අඩු වී ඇතැයි මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළ අතර ,ඩොලර් මිලියන 330ක් පමණ ඇත්තේ රත්රන් සංචිත බවද බැංකුව සඳහන් කළේය.

(Aruna)