Tuesday, February 10, 2026
Follow Us
ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට - බංකොලොත්වීම ආසන්නයේ

ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

Fictch Rating ආයතනය පවසන්නේ දිගුකාලීන විදේශ මුදල් අස්ථාවරත්වය හේතුවෙන් මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත දැමීමට සිදු වූ බවයි.

මෙම ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත වැටුණහොත් බංකොලොත්වීම හෝ ඒ ආසන්න තත්වයේ ලා සැළකේ.

මෙම තත්වය ආනයන කටයුතු සඳහා සෘජුවම බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

(LNW)