Tuesday, February 10, 2026
Follow Us
ආර්ථිකය අර්බුදය වසර එකහමාරකටත් වඩා පවතිනු ඇති බව විශ්ලේෂකයින් කියයි

ආහාර අර්බුදයක් මෙන්ම ඉදිරියේදී භාණ්ඩ හා සේවාවල හිගයක් ද මෙරට තුළ ඉදිරියේදී ඇතිවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාලපරිච්ඡෙදයක් ඉදිරි මාස කිහිපයේදී පමණක් නොව ඉදිරි වසර එකහමාරක කාලය තුලදී ද පවතිනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඉදිරියේදී තවත් ආනයන භාණ්ඩ සීමාවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර, ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ.

(Neth)