Monday, March 30, 2026
Follow Us
බූස්ටර් එන්නත ලබාදෙන දිනය

බූස්ටර් එන්නත් මාත්‍රාව මුලින්ම ලබාදෙන පිරිස මෙන්න


කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ නොවැම්බර් 01වනදායින් පසුව බූස්ටර් එන්නත ලබාදෙන බවයි.

ඒ අනුව සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් සහ ඉදිරිපෙළ අනෙකුත් සේවක කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

(Aruna)