Wednesday, September 17, 2025
Follow Us
ඩොලරය ඉදිරියේ රුපියල 7% කින් කඩා වැටේ

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6 යි දශම 8 කින් අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය පැවසුවේ ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 6 ක පැවති බවයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළේ ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධනය ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5 ක නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6 ක් ලෙස පවතිනු ඇති.

(Neth)