Wednesday, September 17, 2025
Follow Us
කොළඹ කොටස් වෙළඳපොලේ අසාමාන්‍ය වර්ධනයක්. පෙබ. 11ට පසු ඉහළම පිරිවැටුම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (23) දිනයේදී අසාමාන්‍ය ආකාරයේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8479.55ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර S&P SL20 මිල දර්ශකය ඒකක 3147.96ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළඳපොලේ සම්පූර්ණ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 10.8ක් ලෙස සටහන් වූ අතර එය 2021 පෙබරවාරි 11 වනදාට පසුව වාර්තා වූ ඉහළම අගය වේ.

(LNW)