සති කිහිපයක් තිස්සේ සම්පූර්ණයෙන්ම නැවතී තිබුණු ලාෆ්ස් ගෑස් සමාගමේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට යළිත් යථා තත්වයට පත්ව ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර ඒවා අලෙවි කෙරෙන්නේ නව මිල ගණන් යටතේය.
කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගමට රජය පසුගියදා අවසර ලබාදී තිබිණි.
"හෙට අනිද්දා වනවිට වෙළඳපොල යථා තත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු ලිට්‍රෝ සමාගමත් ලාෆ්ස් සමාගමත් සිදුකරලා තිබෙනවා. එම නිසා කිසිදු බියක් ඇති කරගතයුතු වන්නේ නැහැ, හිඟයක් මොනම ආකාරයකටවත් ඇතිවෙන්නේ නැහැ" යනුවෙනුයි ලාෆ්ස් ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණයෙහි යෙදුණු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.
(LNW)