2021 ජුලි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා මහබැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 2364.6ක් දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ.
පසුගිය ජුනි මාසයේදී මෙය ඇමරිකානු ඩොලර් මිලියන 3599.2ක් වශයෙන් පැවති අතර ජුලි 27 වනදාට කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ආපසු ගෙවීමෙන් අනතුරුව මෙසේ විදෙස් සංචිත පහළ බැස ඇති බව සඳහන්.
කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසන්නේ ඉදිරි මාස තුන ඇතුළත තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2650ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති බවකි.
මේ අතර 2021 ජුලි මාසය අවසන් වනවිට රන් සංචිත ද සමග ශ්‍රී ලංකා මහබැංකුව සතුව ඇති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2833.5ක් බව ද මහබැංකු දත්ත පෙන්වා දෙයි.
වත්මන් රජය බලයට පත්වූ 2019 නොවැම්බර් මාසය අවසාන වනවිට මෙරට නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7500ක මට්ටමේ පැවතිණි.
(LNW)