Thursday, October 01, 2026
Follow Us
“ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු ඝාතනය කෙරේ

අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වූ අතර එය නාදුන තුවක්කුකරුවෙකු පිස්තෝල අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් තිබෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවද පොලීසිය සඳහන් කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.