QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද (19) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී.
මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින්ට ද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමේ විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා දැනුම් දෙයි.