ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය අද (04) උදෑසන 5.00ට නිතුත් කර තිබේ.
වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට ත්රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
දිවයින වටා වන මුහුදු ප්රදේශ වල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්රදේශ සාමාන්ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා විය හැක