Saturday, February 22, 2025
Follow Us
කොටහේනේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රීයේ සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සදහා භාවිතා කළ ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පලායමින් සිටියදී වෙඩික්කරු සහ පැදිකරු දෙදෙනාම ගිනි අවිය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Aruna