Tuesday, November 26, 2024
Follow Us
නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබේ.

එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර යි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ඉදිරි පැය 36 කාලය තුළ උතුරු පලාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.