Tuesday, October 15, 2024
Follow Us

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.