Tuesday, October 15, 2024
Follow Us
දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීමට දේශීය නිෂ්පාදකයින්ට වැඩි අවස්ථාවක් සැපයීම සිදුවන බවද, ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ ලබාගැනීම සිදුවිය යුතු අතර එය කැබිනට් මණ්ඩලය අනුමත කළ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.


ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව ලෙස දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන කටයුත්තට අවසර ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු බවද දැනටමත් යම් ප්‍රමාණයකට එකඟතාවයන් ඇතිකර ගිවිසුම්ගත වී ඇතැයිද පැවසුවේය.


ජනවාරි පෙබරවාරි කාල වකවානුව වන විට ඖෂධ අවශ්‍ය වන බවද එම සැපයීම් අත්‍යවශ්‍ය වන බැවින් වර්තමානයේම ක්‍රියාත්මක විය යුතු යැයිද ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ටද ඉඩකඩ ලබාදෙමින් ඔවුන්ගේ අවස්ථා පුළුල් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අවධාරණය කළේය.