Tuesday, October 15, 2024
Follow Us
නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවයි අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත් උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බව ඔහු වැඩිදුටත් පැවසීය.