Saturday, September 28, 2024
Follow Us
ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනයක් කිරීමට අගමැතිනියගෙන් උපදෙස්

ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛණ පැවතියද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උපදෙස් දුන්නාය.

 

අද (27) පෙරවරුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක  ආයතනවල  ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා."