Saturday, March 28, 2026
Follow Us
අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රු.4000.00 ක මුදලක් ඉල්ලා , ලබා ගැනීමේ අල්ලස් චෝදනාව මත අක්කරපත්තුව පොලිස් ස්ථානයේ (රථ වාහන අංශය) පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකු විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.