Friday, March 27, 2026
Follow Us
මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ‘Metro Uplift’ ජාතික වැඩසටහන එයි
මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ක්රියාත්මක කරමින් එම ජනතාවගේ දෛනික ජන ජීවිතය උසස් කිරීමේ අරමුණ පෙරදැරිව එළැඹෙන මාර්තු 31 දින ‘Metro Uplift’ ජාතික වැඩසටහන කොලොන්නාව, සාලමුල්ල ‘ලක්සද සවණ’ නිවාස සංකීර්ණය මුල්කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 

 
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය මගින් ක්රියාත්මක, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර ඇති නිවාස සංකීර්ණයන්හි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්ය භෞතික හා සමාජයීය තත්ත්වයන් ඔප් නැංවීම මෙම ‘Metro Uplift’ ජාතික වැඩසටහන මගින් සිදු කිරීමට අපේක්ෂිතයි.
 
මේ පිළිබචද ප්රජා කමිටු නායකයින් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සෙත්සිරිපාය අදියර II, 11 වන මහලේ පිහිටි ශ්රවණාගාරයේ දී ඊයේ (26) පැවැත්විණ.
 
2019 වසරේදී ජන අයිතියට පත්කරන ලද කොලොන්නාව ‘ලක්සද සෙවණ’ මහල් නිවාස සංකීර්ණය පර්යන්ත තුනකින් හා නිවාස ඒකක 1108 කින් සමන්විතය. එහි පවුල් 1,500 ක් පමණ පදංචිව සිටිති.
 
‘Metro Uplift’ ජාතික වැඩසටහන යටතේ නිවාස සංකීර්ණයේ භෞතික නවීකරණ ක්රියාවලියට අමතරව පදිංචි ජනතාව නගා සිටුවීම වෙනුවෙන් සමාජ සජීවීකරණ වැඩසටහන් ද ක්රියාත්මක කෙරේ.
 
භෞතිකව සිදුකරනු ලබන නවීකරණ වැඩසටහන යටතේ විදුලි සෝපාන අලුත්වැඩියාව, ගිනි නිවන පද්ධති නවීකරණය, ළමා උද්යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම, ආරක්ෂිත වැට ස්ථාපිත කිරීම, තීන්ත ආලේපනය ඇතුළු අංශ රැසක නවීකරණය කටයුතු සිදුකෙරේ. මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 150 කි.