Monday, September 22, 2025
Follow Us
 උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව රැස්වෙයි
උසස් අධ්යාපන ක්ෂේත්රය සඳහා සම්පූර්ණ ජාතික ප්රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්යාපන ප්රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ දී රැස්විය.
මෙම රැස්වීම අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය මහාචාර්ය හරිනී අමරසූරිය අග්රාමාත්යතුමියගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර රැස්වීමේදී ජාතික අධ්යාපන නවෝත්පාදන ප්රමුඛතා, ගෝලීය ප්රමිතීන් හා දේශීය අවශ්යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
 
මෙහි දී උසස් අධ්යාපනය සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්යතාවය අවධාරණය කරන ලද අතර දැනට පවතින ප්රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්ය බව අමාත්යවරිය අවධාරණය කළා ය.
 
සියලු උසස් අධ්යාපන සැපයුම්කරුවන් සඳහා විවෘත සහ ගුණාත්මක නියාමන රාමුවක් නිර්දේශ කිරීමේ වැදගත්කමත්, ජාතික සංවර්ධන ප්රමුඛතා හා ගෝලීය ප්රමිතීන් සමග උසස් අධ්යාපන ක්ෂේත්රයේ ගමන සම්බන්ධ කරගැනීමේ වගකීමත් විශේෂයෙන් අවධාරණය කෙරිණි. එමෙන්ම උසස් අධ්යාපන ක්ෂේත්රය තුළ මෙම නව ජාතික ප්රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්රතිසංස්කරණ හා ප්රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් අමාත්යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.