Thursday, November 28, 2024
Follow Us
දිස්ත්‍රික් 10 කට නායයාමේ අවදානමක්

දිස්ත්‍රික් 10 කට නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

ඒ අනුව, අදියර 2 යටතේ නායයාමේ අවදානම පවතින දිස්ත්‍රික් වන්නේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යි.

එමෙන්ම, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික් අදියර 1 යටතේ නායයාම පිළිබඳව විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.