Thursday, August 21, 2025
Follow Us
State

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

State

ශ්‍රී ලංකාවේ රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය(System) සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ පසුගියදා පැවැත්විණි.

State
  • ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි
  • පරිපාලනය වෙනුවට රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ.

ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

State

ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග අද (27) පැවැත්විණි.

State
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින්  ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
State
  • බාල ඖෂධ කියා දෙයක් නැහැ- ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වන්නේද නැහැ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ.

ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කළේය.

State

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

State


• අධික වේගය නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට වේග සීමා ප්‍රතිපත්තියක්.
• මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.

State


2024 නව පාසල් වාරය ආරම්භ වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද පැවති උත්සවයකදී දැනුම්දීමක් කළේය.
ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

State

ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

මෙරට දුම්රිය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකොට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙවසරක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

State
  • වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණයි.
  • සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය පිළිබඳ වැඩි අවධානයක්.
  • සූපශාස්ත්‍රය පිළිබඳ පාසලක් ආරම්භ කිරීමට පියවර.
  • අභාවප්‍රාප්ත Dilmah Tea හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඉටුකළ මෙහෙවර ජනපතිගේ ඇගයීමට.
State

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

State

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

State

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.