නැගෙනහිර පළාතේ බලශක්ති අංශයේ සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සමඟ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
බන්ධනාගාර රැදවුම්කරුවන් සඳහා ප්‍රමාණවත් පරිදි ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා දුම්බර බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත වූ බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි. පසුගිය වසරට සාපේක්ෂව මේ ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළයෑමක් බව සමාගම් පෙන්වා දෙයි.
අද (09) උදෑසන සිදුවු දුම්රිය අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබු අතර මේ වනවිට එහි ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනයට විවෘත කර තිබේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ, අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 12ක් ගාල් කර ඇති බැවින් ඒවා එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සලස්වන බවයි.
කෙසේ වෙතත් දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
අනෙක් මාර්ගයේ පවතින අවහිරතා ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවේ.
පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ “පවුසි” නමින් හැඳින්වෙන දුම්රිය, මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයකදී උදෑසන 5.55 ට පමණ අනතුරට ලක්විය. ඒ, ධාවනය වූ එම දුම්රියේ කන්ටේනර් රථයක් ගැටීමෙනි. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිහිපයන් සම්පූර්ණයෙන්ම නතර විය.
අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම දරුවන්ගේ පෝෂණය සඳහා දෙමාපියන්ට මුදල් යෙදවීමට නොහැකි ප්‍රධාන හේතුවක් වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කර තිබේ.
පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත්කිරීම බවත් ඊට අනුගතව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරකදී අදහස් දක්වමිනි.
දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇත.
උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Page 50 of 627