Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න අලුත් ගැසට් පත්‍රයක්

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. 

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි.

 

2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබේ.

http://www.documents.gov.lk/files/egz/2024/5/2383-17_S.pdf