Friday, April 19, 2024
Follow Us
පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.

ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනුරුදය කිරීමේ පනත ඉවත් කර ගැනීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව ව්‍යවසායන් 36 ක් රාජ්‍ය ව්‍යවසායෙන් ඉවතට ගෙන කළින් පැවති ව්‍යවසායන් හෝ මුදල් අමාත්‍යංශ ලේකම් යටතේ වෙනත් ව්‍යවසායකයෙකුට පැවරීමට මෙම යෝජනාව ගෙන තිබේ.

ඊට අමතරව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

(Aruna)