Tuesday, April 16, 2024
Follow Us
කොළඹ පවුල් 4510කට අගමැතිගෙන් සමෘද්ධි හිමිකම්

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යංශය ලැබී වසරක් තුළ පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමට හැකිවූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට එවකට ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21ක් ගතවන තුරු එය සිදු කිරීමට නොහැකි වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පළකළේ හෝමාගම විල්ෆ‍්‍රඞ් සේනානායක කී‍්‍රඩාංගණයේ අද පස්වරුවේ පැවැති කොළඹ දිස්ති‍්‍රක්කයේ පවුල් 4510කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයට එක්වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ බංකොලොත් රටත් භාරගෙන නැවත ශක්තිමත් රටක් ගොඩ නැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවයි.

(Neth)