Thursday, February 12, 2026
Follow Us
මෙරට සියලු ගුවන් තොටුපළවල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

යලි දැනුම් දෙන තුරු මෙරට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.

මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත.

එමෙන්ම මගීන් හුවමාරුවීම, හදිසි ආපදා තත්ත්වයන් මත සිදුකරනු ලබන ගොඩබැස්සවීම, මානුෂිය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන ගුවන් මෙහෙයුම්, තාක්ෂණික හේතුන් මත සිදුකරනු ලබන ගොඩබෑම් සහ මගින් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වලට ගොඩබෑමට අවසර හිමිවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)