Sunday, April 27, 2025
Follow Us
පාස්කු බෝම්බ කමිටුවේ අර්බුදය මැද ජනපති අද කැබිනෙට්ටුව රැස් කරයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18දා) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අතර කැබිනට් රැස්වීමට තමා සහභාගි නොවන බවට ප‍්‍රකාශයක් ද කර තිබිණි. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී එම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව මෙම සතියේ කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

(Lanka Leads)