Thursday, January 29, 2026
Follow Us
ඡන්ද පත්‍රිකාවට අලුත් තීරයක් ගේන්න යෝජනාවක්

මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් අළුත් තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කළ යුතු බවට වන යෝජනාවක් ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම යෝජනාව පසුගිය සමයේ වැඩි වශයෙන් ලැබුණු යෝජනාවක් ද බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ "මෙය අපිට ගන්න පුළුවන් තිරණයක් නොවේ. එය පාර්ලිමේන්තුවෙන් නව නීතියක් ලෙසට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව සිදුකල යුතු වැඩපිළිවලක්. මේ ආකාරයට යෝජනා ගෙන එන්නේ ජන්ද දායකයින් විසින්මයි." යනුවෙනි.

(Neth)