Tuesday, July 01, 2025
Follow Us
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සදහන් කළේ දෙරණ රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි.

ඊයේ (22) රාත්‍රී 12 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු හදුනාගත් බව අමාත්‍යවරිය සදහන් කළේය.

මින් හතරදෙනෙකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අය වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)