Tuesday, July 01, 2025
Follow Us
බන්ධනාගාරයේ ගැටුම ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

අනුරාධපුර බන්ධනාගාරය තුළ ඊයේ (21) සවස ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් කිසිදු රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් නැතැයි පොලීසිය පවසනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීමට ගත් පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන්ට පැමිණීමට අවසර නොදීම හේතුවෙන් රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ ඇති කරන ලද රාජ්‍ය දේපළ විනාශ කරමින් විරෝධතාවය දැක්වීම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කළ අතර එය තවදුරටත් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 08 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඔවුන් අතරින් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.

බන්ධනාගාර පරිශ්‍රයට මේ වන විට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.

(Neth)