Tuesday, July 01, 2025
Follow Us
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1) දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස් වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල් වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් දන්වා තිබෙන අතර රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබෙනවා.

2) දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්.

3) එළැඹෙන සදුදා දින(23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා තිබෙනවා

(Neth)