IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.
අදාළ ඖෂධය කුමක්දැයි මේ මොහොතේ සදහන් කිරීම උචිත නොවන බවත් අවශ්‍ය තරම් ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින බවත් ඇය සදහන් කරයි.
රෝහලේ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තීන්දුවක් දුන් වහාම එම ඖෂධය භාවිතයට පියවර ගන්නා බවත් ඇය කියා සිටියේ ඊයේ රාත්‍රියේ පැවති රෑපවාහිනී නාලිකාවක සජීවි වැටසටහනකට සහභාගී වෙමිනි.
(Lanka LEads)