මේ වන විට පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලියවැව යන පොලිස් වසම් වලටත් හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන පොලිස් වසම්වලටත් මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමටත් ජා ඇල සහ වත්තල යන පොලිස් වසම් වලටත් බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (20) දින උදෑසන 9.00ට තාවකාලිකව ඉවත් කර අද දින දහවල් 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉහත පොලිස් වසම් සියල්ලටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා.
එමෙන්ම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකි බවත් දන්වා සිටිනවා.
(Neth)