Tuesday, July 01, 2025
Follow Us
23 වැනිදා සියලුම රජයේ සේවකයින්ට වැටුප්

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දේ.

ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ.

කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය භාරය මැනවින් ඉටු කිරීම සඳහා මේ වන විටත් රජයේ සේවකයින් කැපවී සිටින බව තමන් හොදින්ම දන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තම සෞඛ්‍ය සම්බන්ධයෙන් හෝ නොසිතා රටත්, ජාතියත් වෙනුවෙන් කැපවී සිටින සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ සේවකයින් අගය කරන අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කරන බවද සඳහන් කරමින් සියලුම රජයේ සේවකයින්ට එළැඹෙන 23 වැනිදා වැටුප් ගෙවීමට අදාල පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

(Aruna)