Thursday, February 12, 2026
Follow Us
නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මෙම කාල සීමාව රජයේ නිවාඩු ලෙස නොසලකන අතර 2020.03. 21 සහ 22 දෙදින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩුවක්‍ ලෙස බල පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇත.

(Neth)