Sunday, May 05, 2024
Follow Us
අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්නේ නැහැ - මැතිවරණ කොමිසම

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.

අප්‍රේල් මස 25 වෙනිදා සිට දින 14ක කාලයක් ඔබ්බට යන තෙක් මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කර නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණය කල් දැමීම කිසිවෙකුගේ උවමනාව මතසිදු නොවූ බවත් එය සම්පුර්ණයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් ජන්දය කල් දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

(Neth)