Monday, May 06, 2024
Follow Us
2020 මහමැතිවරණය : නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

2020 මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අදින් (19) අවසන් වේ. ඒ අනුව අද පෙරවරු 08.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළ සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය නාමයෝජනා පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාරදිය යුතුය.

නාමයෝජනා වලට අදාළ විරෝධතා ගොනු කිරීමට මධ්‍යහ්න 12.00 සිට 01.00 දක්වා කාලය හිමිවේ. එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නාමයෝජනා ප්‍රකාශයට පත් කෙරෙණු ඇති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඇතැම් දිස්ත්‍රික්ක සඳහා මේ වනවිටත් නාමයෝජනා භාරදී ඇති අතර ඔවුන් තමන් තරග වදින සෙසු දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ නාමයෝජනා භාරදී අවසන් කරනු ඇත. සමගි ජන බලවේගය අද දිනයේදී දිස්ත්‍රික්ක 22 සඳහාම නාමයෝජනා භාරදීමට නියමිතව තිබේ.

 

(LNW)