Monday, May 06, 2024
Follow Us
පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

පුත්තලම පොලිස් කොට්ඨාසයේ
පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරෙච්චෝලේ, සාලිය වැව‍

හලාවත පොලිස් කොට්ඨාසයේ

හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව

මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසම

(Lanka Leads )