Monday, May 06, 2024
Follow Us
මැතිවරණය කල් දමන්න කොමිසමට බලය තියෙනවා : ජනපති කියයි

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති කොරෝනා ජාතික මර්ධන කමිටුවේ රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

" උද්ගතව ඇති තත්ත්වය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය ඇති බව" ප්‍රකාශ කර සිටියා.

(Neth)