Monday, May 06, 2024
Follow Us
රට වහන්නේ නැහැ : ඉදිරියේදී පුත්තලමට සීමා පනවනවා

ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 800 දෙනක් පමණ පුත්තලම ප්‍රදේශයේ වෙසෙන බවත් ඔවුන් සිටින ප්‍රදේශ ගැන නිවැරදිව සිතියම් ගත කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල ගමනා ගමනය කිරීමේ සීමා පැනවීමට සිදුවෙනු ඇති සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියා.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ජාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව කියා සිටියා.

එමෙන්ම රටක් වශයෙන් සම්පුර්ණයෙන් වසා දැමීමට රජයේ අවධානයක් යොමු කර ඇත්දැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය කියා සිටියේ එවැනි තීරණයක් මේ දක්වා රජය විසින් ගෙන නොමැති බවයි.

(Neth)