Thursday, February 12, 2026
Follow Us
සති දෙකක් කටුනායක වසා දමයි

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

(Lanka Leads)