Sunday, May 19, 2024
Follow Us
හෙට නිවාඩු නැහැ

මාණ්ඩලික නොවන නිලධාරීන් අවශ්‍යතාව සඳහා පමණක් සේවයට කැඳවා ගැනීමට දෙපාර්තමේන්තු හා සෙසු ආයතන ප‍්‍රධානීන්ට අභිමතයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, හෙට රජයේ, බැංකු හෝ වෙළඳ නිවාඩුවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අවධාරණය කළේ.

කෙසේවෙතත්, ආයතන වෙත පැමිණෙන පිරිස් අවශ්‍යතාවට පමණක් සීමා කිරීම සඳහා ඉහත තීරණය ගනු ලැබූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර විදෙස් සංචාරවලට ගොස් පැමිණෙන රාජ්‍ය සේවකයින්ට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් ඔවුන්ට වැටුප් සහිතව දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය ඉඩ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

(Neth)