Thursday, February 12, 2026
Follow Us
ඇප මුදල් හෝ නාමයෝජනා හෙට බාර ගන්නේ නෑ

හෙට(16)දින රජයේ නිවාඩු දිනයක් බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු විෂය බාර අමාත්‍යවරයා විසින් නියම කර ඇති බැවින්,පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම හෝ නාම යෝජනා බාර ගැනීම එදින සිදු නොකරන බව මැතිවරණ කොමිෂම් සභාව ප්‍රකාශ කරයි.

මීට පෙර නිවේදනය කර ඇති පරිදි මාර්ටු 17,18 යන දින දෙකෙහි කාර්යාල වේලාවන් තුළ හා මාර්තු 19 වන දින පෙ.ව.8.30 සිට ප.ව.12.00 දක්වා ඇප මුදල් බාර ගැනීම හා නාම යෝජනා බාර ගැනීම සිදු කරනු ඇති බව වැඩිදුරටත් දන්වා සිටියි.

මාර්තු 19 වන දින නාමයෝජනා හා විරෝධතා පිලිබද කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීම් දැන්වීම නිකුත් කරනු ඇත.

තැපැල් ඡන්ද අයදුම්පත් මාර්තු 17 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බාර ගැනීමට සියළු තේරීම්භාර නිලධාරීන්වරුන්ට සහ නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇති බව තවදුරටත් දන්වා සිටී

(Aruna)