Thursday, September 19, 2024
Follow Us
ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ධුරයට ජේ. සී. වැලිඅමුණ

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම තීරණය ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේ කමිටුවවේ නිර්දේශය සඳහා මේ වනවිට යවා ඇත.

ජේ. සී. වැලිඅමුණ මහතා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද කලක් කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නඩු ගණනාවක් සඳහා පෙනී සිටි ප්‍රමුඛ පෙලේ නීතීඥවරයකු වේ.

(LNW)