Sunday, April 27, 2025
Follow Us
උප්පැන්න සහතික 17%ක් ව්‍යාජයි

මෙරට පවතින උප්පැන්න සහතිකවලින් 17%ක් පමණ ව්‍යාජ ඒවා බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ පවසනවා.

ව්‍යාජ උප්පැන්න සහතික සහ අනෙකුත් ව්‍යාජ ලේඛණ භාවිතය වැළැක්වීම සදහා ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එමගින් එම ව්‍යාජ ලේඛණ සැකසීම නතර වනු ඇති බවද රෙජිස්ට‍්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ පැවසුවා.

මෙරට ඉඩම් ඔප්පුවලින් 42% ක් පමණ ව්‍යාජ ඒවා බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)