Friday, July 04, 2025
Follow Us
කටුපොල් තහනම් කරන්න - ජනපති උපදෙස් දෙයි

කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.

මෙම රැස්වීමට පැමිණි ජනාධිපතිවරයාට, ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ කටුපොල් වගාව හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි. පානීය ජලය පවා සොයාගත නොහැකි තත්වයට පත්ව ඇති බවත්, ජල උල්පත් සිඳීගොස් ඇත්තේ කටුපොල් වගාව නිසා බවත් ඔවුන් ජනාධිපතිවරයා සමග පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකර ලෙස උපදෙස් ලබා දී ඇති අතර පරිසරයට හානියක් වන්නේ නම් වහාම කටුපොල් වගා කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස පවසා තිබේ.

කටුපොල් වගා කිරීමෙන් කෙතරම් ලාභ ලැබුවද, ඉන් පරිසරයට හානි සිදුවන්නේ නම් එම ලාභයෙන් ඵලක් නැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශීය රබර් වගාව සහ වගාකරුවන් නගා සිටුවීම සඳහා රබර් ආනයනය වහාම නතර කිරීමට පියවර ගන්නා බවයි.

(LNW)